01. මොකද්ද මේ ගාමන්ට් වැහෙනවා, ආයෝජකයෝ රට දාලා යනව කියලා යන කතාව?
සමාජ මාධ්‍යවල සහ අනෙකුත් මාධ්‍යවල නම් එහෙම කතාවක් ඇහුනා, ඒක ඒ මෙහොතත් සමග සාකච්ඡාවට බදුන් වූ තත්ත්වයක ප්‍රථිපලයක් මිස ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගත වූ කිසිදු සමාගමක් ඔවුන්ගේ සම්පූර්ණ ක්රියාකාරීත්වයම රටින් ඉවත් කර ගැනීමට කටයුතු කරලා නැහැ. එවැනි දැනුවත් කිරීමක් ආයෝජන මණ්ඩලයට සිදුකරලත් නැහැ.
ඒ නිසා සමහර මාධ්‍යයන්වල සදහන් වන විදිහට විශාල ව්‍යසනයක පෙර නිමිති දකින්නට නැහැ. ශ්‍රි ලංකා අයෝජන මණ්ඩලය වශයෙන් අපි ස්වකීය ආයෝජකයින් සමග එක්ව ව්‍යාපෘති සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා.
නමුත් සමහර අවස්ථාවල ලෝකයේ පවතින ඇතැම් තත්ත්වයන් අනුව සමාගම් ක්‍රියාත්මක වන සංයුතිය වෙනස් කිරීමට හෝ නව ක්‍රියාමාර්ග තුළින් සමාගම්වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට එම සමාගම් කටයුතු කරනවා. වර්තමානයේ ගෝලීය පවශයෙන් පවත්නා ආර්ථික අර්බුධය හමුවේ සුළු සමාගම් කිහිපයක් තාවකාලිකව ඔවුන්ට පවත්නා ඇණවුම් ලැබීමේ අඩුවක් නිසා ව්‍යාපෘති පවත්වාගෙන යාමේ ව්‍යූහය වෙනස් කරනවා. තාවකාලිකව සිදුකරන එවැනි වෙනස් කිරීම් ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් සාමාන්‍යය තත්ත්වයක්.
කොහොම උනත් දේශිය - විදේශිය සමග ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව අපි නිරන්තරයෙන්ම ඒ සමාගම් සමග සියලූ ක්‍රියාකාරකම්වල දී සක්‍රීය දායකත්වයක් ලබාදෙමින්, අධීක්ෂණය කරමින්, ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට උදව් කරනවා.
02. විපක්ෂයේ සමහරු කියන්නේ ජනපති සිදු කළ ප්‍රකාශයක් නිසා මෙහෙම වෙනව කියලා?
විපක්ෂය කියන ලද දේ පිළිබඳව නම් මට පැහැදිලි අදහසක් නැහැ. වර්තමානයේ මම ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ලෙසත් කටයුතු කරනවා. එතුමා ආර්ථිකය හසුරවන ආකාරය හා ඒ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග හා එතුමාගේ ආර්ථික දැක්ම පිළිබදව මනා අවබෝධයක් මට තියෙනවා. මේ වනවිට විපක්ෂයේ මංත්‍රීවරුන්ගෙන් පවා අසන්නට ලැබෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩ පිළිවල සාර්ථකයි කියලා.
ජනාධිපතිතුමා කිසි විටකත් ආයෝජකයන් අපහසුවට පත්වන ප්‍රකාශ සිදු කර නැහැ. හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදී එතුමා පැහැදිලිව කියා සිටියා ශ්‍රි ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව.
රටේ ආර්ථික උන්නතියට වඩා වැදගත් වන්නේ විදේශ ණය නොවන බවත්, විදේශ ආයෝජන වඩා වැදගත් බවත් එතුමා ප්‍රකාශ කළා. මහ කොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබූ නීති පද්ධතිය නැවත සක්‍රීය කර, වඩාත් ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ පැවසුවා. ජනාධිපතිවරයා සැමවිටම අපට උපදෙස් ලබා දෙන්නේ විදේශ ආයෝජකයකු පැමිණි සැනින් ඔහුට අපහසුවෙන් තොරව කඩිනමින් තම ව්‍යපෘතිය ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසයි.
03. විදෙස් ආයෝජකයන් ආකර්ශනය කරගන්න වැඩපිළිවෙලක් හදන්න තව කොච්චර කල් යයිද ?
දැනටමත් මේ සඳහා කෙටිකාලීන හා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් හදුනාගෙන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමටත් ආයෝජකයින්ගේ පහසුවටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව පියවර කිහිපයක් ඉදිරියට තබා තිබෙනවා. ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය (IFC) පිහිටුවීම, තොරතුරු තාක්ෂණ සේවා සමාගම් 100 ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, දැනට පවතින BOI සමාගම් 50ක් නැවත ආයෝජනය කිරීමට දිරිගැන්වීම මින් කිහිපයක්.
එසේම ඔබ දන්නවා ආයෝජන ප්‍රවර්ධනය සඳහා තරගකාරී රටවල් බදු සහන බහුලව භාවිතා කරනවා. විශේෂයෙන් මූල්‍ය දිරිගැන්වීම් ලබා දී ඇති කලාපයේ රටවල් කිහිපයක් ඉහළ ආයෝජන ආකර්ශණය කර ගැනීමට මේ වන විටත් සමත් වී තිබෙනවා. මෙම රටවල් තෝරාගත් අංශ සඳහා විවිධ බදු සහන ලබා දෙනවා. නමුත් අපේ රටේ පවතින මූල්‍ය තත්ත්වය මත අපට විශාල බදු සහන වැනි ආකර්ශණයන්ට යා නොහැකියි. පවතින රාමුව තුල උපරිම දේ කිරීමට අපට සිදු වී තිබෙනවා.
ඒ අනුව හඳුනාගත් අංශ සඳහා උපදේශක සභා පිහිටුවීම, ප්‍රධාන ආයෝජක සේවා ඩිජිටල්කරණය, ජාත්‍යන්තර හරිත ප්රමිතීන් සපුරාලීම සඳහා පවතින කලාප නවීකරණය කිරීම, හවුල්කාරීත්ව සොයා ගැනීමේ දත්ත ගබඩාව හඳුන්වාදීම (Partnership Finder), පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් මේ වනවිටත් සිදුකර තිබෙනවා.
ස්ථාවර ආයෝජන ප්‍රතිපත්තියක් සහ ඒකාබද්ධ ආයෝජන නීතියක් ක්‍රියාත්මක වීම, ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රබල සාධකයන් බව අප හඳුනාගෙන තිබෙනවා. එවැනි දෙයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් අප ක්‍රියා කරමින් ඉන්නවා. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවල උපදේශකත්වය යටතේ ඒ සඳහා කටයුතු දැනටමත් කෙරෙමින් පවතිනවා.
04. ආයෝජකයන් එන්න අදිමදි කරන හේතු හඳුනා ගෙන තියෙනවද?
ඕනෑම රටකට ආයෝජකයන් එන විට රටතුල දේශපාලනික ආර්ථික ස්ථාවරත්වය පිළිබදව සොයා බලනවා. පසුගිය වසර දෙක පුරාම රටතුල අස්ථාවරභාවයන් පැවතියද, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ නව විස්තීරණ ණය යෝජනාක්‍රමය ලැබීමත් සමඟම, ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණ වැඩපිලිවෙලකට යොමු වී ඇති බව ස්ථිර කරනු ලැබුවා. එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් පිලිගත් දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වයක් ක්‍රමානූකූලව ලැබෙමින් පවතිනවා. එම නිසා ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තර ප්‍රතිරූපය සුභවාදී ලෙස වර්ධනය වෙමින් පවතින අතර ජාත්‍යන්තර වෙළද සන්නාම හා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙනුත් ශ්‍රී ලංකාවේ ආයෝජනයන් පිළිබද සොයා බැලීමේ නව ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.
05. ගෝලීය ආර්ථික අවපාතය ලංකාවේ අපනයනය සම්බන්ධයෙන් ඇති කරල තියෙන බලපෑම මොකද්ද?
ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මෙය සමස්ථ ලෝකය පුරාම ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇති වු තත්ත්වයක්. පශ්චාත් කෝවිඩ් තත්ත්වය, යුක්රේන රුසියා යුද්ධය, බටහිර රටවල්වල පෙර නොවු විරූ උද්ධමනය (යුරෝපයේ එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය යන රටවල්වල රෙදිපිළි ආහාර ගෘහභාණ්ඩ ආදි අංශවල 40% ක ඉහල උද්ධමනයක් පවතිනවා) වැනි තත්ත්වයන් හේතුකොටගෙන විරැකියාව ඉහල අගයක් ගන්නා අතර භාණ්ඩ හා සේවා සදහා විශාල වශයෙන් ඉල්ලුම අඩුවීමක් දක්නට ලැබෙනවා. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකා ඇඟලුම් සදහා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය යන රටවලින් 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ ඉල්ලුම 18% කින් අඩු වී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගෝලීය ආර්ථික අවපාතය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය කෙරෙහි යම් බලපෑමක් ඇති කල හැකියි.