Saturday, June 24, 2023

රාජ්‍ය නිළධාරීන්ගේ පම්පෝරියට - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සූරියවැව ප‍්‍රදේශයේ දරුවන් සියයට 80ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවට මෑතක දී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ රජයේ වෛද්‍යවරයෙකු වන චමල් සංජීව ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප‍්‍රභ කරමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය. එහිදී ‍ශ්‍රෙෂ්ඨාධිකරණය නිගමනය කළේ ආයතන ප‍්‍රධානීන්ගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට නීතිමය හැකියාවක් නොමැති බවය. 2022 සැප්තැම්බර් 19 දින සූරියවැව ප‍්‍රදේශයේ වෛද්‍ය සායනයක් පැවැත්වීමෙන් පසු ලබාගත් නියදීන්ට අනුව දරුවන් සියයට 80ක්ම මන්දපෝෂණයෙන් පෙළෙන බවට වෛද්‍ය චමල් සංජීව සිදු කළ ප‍්‍රකාශය ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයවීමෙන් පසුව එය ආන්දෝලයට තුඩු දුන්නේය. නමුත් මෙම සායනයට සහභාගී වී ඇත්තේ දරුවන් 20 දෙනෙකි. වෛද්‍යවරයාගේ ප‍්‍රකාශයෙන් අනතුරුව මාධ්‍ය වාර්තාවල සදහන් කෙරුණේ සායනයට සහභාගී වූ දරුවන්ගෙන් 50%ත් 80%ත් අතර සංඛ්‍යාවක් ඔවුන්ගේ වයසට නියමිත බර නොතිබූ බවත්, ඒ තුළින් අදාළ ප‍්‍රදේශයේ දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවයි. අනතුරුව පදනම් විරහිත ප‍්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කර සෞඛ්‍ය බලධාරීන් අපහසුතාවයට පත් කළ බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ වෛද්‍යවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කොට 2022 වසරේ නොවැම්බර් මස 01 වැනිදා ඔහුගේ වැඩ තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිපියක් ද නිකුත් කර තිබුණි. සිය වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත්, එබැවින් එය බල රහිත කරන ලෙසත් ඉල්ලමින් වෛද්‍ය චමල් සංජීව විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මෙම ප‍්‍රකාශ හුදෙක් මහජන යහපත උදෙසා පමණක් කරන ලද්දක් බවත් අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය බලධාරීන් අපහසුතාවයට ලක් කිරීමේ චේතනාවක් ඒ තුළ නොවූ බවත් නඩු විභාගයේ දී පෙත්සම්කාර වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබුණේ. ආයතන සංග‍්‍රහයේ 30 පරිච්ෙඡ්දය ප‍්‍රකාරව රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ප‍්‍රකාශ නිකුත් කිරීමට පෙත්සම්කරුට නීතිමය බාධාවක් නොමැති බවත් පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ තර්ක කළහ. නඩු විභාගයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට කරුණු දක්වමින් පෙත්සම්කාර වෛද්‍යවරයා සූරියවැව ප‍්‍රදේශීයේ දරුවන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සායනයක් පවත්වා අදාළ ප‍්‍රදේශයේ දරුවන් අතර ඉහළ මන්ද පෝෂණයක් පවතින බවට ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කිරීම නීතියට පටහැනි බවට තර්ක කළාය. එවැනි ප‍්‍රකාශයක් කිරීමට පෙර පෙත්සම්කරු රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ආයතන ප‍්‍රධානීන්ගෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගෙන නැති බවත් දරුවන් විසි දෙනෙකු පමණක් සහභාගි කරගත් සායනයක් හරහා සමස්ත සූරියවැව ප‍්‍රදේශයේම දරුවන් අතර මන්දපෝෂණය පවතින බවට මතයක් පළ කිරීම තුළ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය තර්ක කර සිටියාය. ඒ අනුව ආයතන සංග‍්‍රහය යටතේ පෙත්සම්කාර වෛද්‍යවරයාගේ වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය නීත්‍යනුකුල බව ඇය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියාය. අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ”ආයතන සංග‍්‍රහයේ 31-1:5 වගන්තිය ප‍්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු යම් කරුණක් ප‍්‍රසිද්ධියට පත් කිරීමට පෙර ඒ සඳහා තම දෙපාර්තමේන්තු ප‍්‍රධානියා හෝ ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය ලබාගත යුතුයි. ආයතන සංග‍්‍රහයේ ඞඛඪෂෂ පරිච්ෙඡ්දයෙහි 6 වන වගන්තිය යටතේ රජයේ නිල තොරතුරක් මාධ්‍ය හෝ මහජනතාව වෙත නිකුත් කිරීමට පෙර රාජ්‍ය නිලධාරීන් විසින් දෙපාර්තමේන්තු ප‍්‍රධානියා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගත යුතුයි. එම පරිච්ෙඡ්දයේ 7:2 වගන්තියට අනුව කිසිදු රාජ්‍ය නිලධාරියකු සිය ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව පොතක් පළ කිරීම, ලිපි පළ කිරීම, ජනමාධ්‍ය සඳහා ප‍්‍රකාශ නිකුත් කිරීම සිදු නොකළ යුත්තේ ය”‍ යනුවෙන් සඳහන් කර ඇති බවය. වැඩිදුරටත් සිය තීන්දු ඔස්සේ කරුණු දක්වා තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ ”පෙත්සම්කාර වෛද්‍යවරයා රාජ්‍ය නිලධාරියෙකු බව සඳහන් කළ යුතු බවයි. ඔහුගේ වැඩ තහනම් කිරීම ආයතන සංග‍්‍රහය යටතේ සිදු වී තිබෙනවා. ආයතන සංග‍්‍රහය අනුව රාජ්‍ය නිලධාරියෙකු යම් නිල තොරතුරක් බාහිර පාර්ශ්වයක් වෙත ලබා දීමට පෙර ආයතන ප‍්‍රධානීන්ගෙන් අනුමැතිය ලබාගත යුතු වුවද පෙත්සම්කාර වෛද්‍යවරයා එසේ කටයුතු නොකළ බව පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ රාජකාරි සීමා උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශන සිදුකිරීමට ආයතන සංග‍්‍රහය යටතේ සෞඛ්‍ය බලධාරීන්ට බලය පැවරී තිබෙනවා. එමෙන්ම වැඩ තහනම් කළ නිලධාරියෙකුට ආයතන සංග‍්‍රහය යටතේ යම් යම් නීතිමය රැකවරණ හිමි වී තිබෙනවා. එම රැකවරණය පෙත්සම්කාර වෛද්‍යවරයාට ද ඒ ආකාරයෙන්ම හිමිවෙනවා. ‍ඒ අනුව පෙත්සම්කරුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තිරණය තුළින් ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සනාථ කිරීමට පෙත්සම්කරු අසමත් වී තිබෙනවා”‍ යනුවෙන් ප‍්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව ඔහුගේ පෙත්සම නිෂ්ප‍්‍රභ කරන බවත් සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය. උපුටාගැනීම – 03 . ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හෝ පාරිපාලන ක‍්‍රියාමාර්ග හෝ සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කිරිම හා විවේචනය කිරීම 3:1 මතභේදයට තුඩුදී ඇති කරුණු, විශේෂ අයිතිවාසිකම් නියෝජනය කරන සංගමයක් සමග සාකච්ඡා කර සමථයකට පත් කිරීම සදහා ස්වකීය නිල තත්ත්වයෙන් කටයුතු කිරිමට බලය ලැබී ඇතොත් මිස ඞඞඞෂෂ වැනි පරිච්ෙඡ්දයේ ප‍්‍රකාර දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදීමට හිමිකම් නැති රජයේ නිළධරයෙකුට ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හෝ වෙනත් රටක ආණ්ඩුවක හෝ කිසිම ක‍්‍රියාවක් ගැන සළකා බැලීම පිණිස රැස්වීමක් කැදවීම හෝ එවැනි රැස්වීමක ක‍්‍රියාශීලීව කටයුතු කිරීම හෝ තහනම්ය. 3:2 එබදු රජයේ නිලධරයෙකු විසින් පුවත්පත්වලට ලිපි ලිවීමෙන් හෝ වාර්තාකරුවන් සමග සම්මුඛ සාකච්ඡුා පැවැත්වීමෙන් හෝ රජය හෝ රජයේ දෙපාර්තමේන්තු විවේචනය කිරීම සදහාවත්, රාජකාරීමය වූ හෝ නොවූ හෝ සිය දුග්ගැනවිලි (උදා : සිය රාජකාරී ඉටු කිරීමට කාර්ය මණ්ඩල ප‍්‍රමාණවත් නොවීම සම්බන්ධ විවේචනය හෝ පැමිණිලි; අතිරේක අරමුදල් නොසැපයීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය වෙත එල්ල කරන විවෙචන ආදිය* ප‍්‍රචාරය කිරීම සදහාවත් ප‍්‍රවෘත්ති පත‍්‍ර මාධ්‍ය යොදා නොගත යුතුය. 3:2 එහෙත් රජයේ නිලධරයන්ගේ පිළිගත් යම්කිසි සංගමයකට අයත් වූ රජයේ නිලධරයෙකුට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදීමට ඇතත් නැතත් එම සංගමයේ සාමාජිකයන්ගේ වැටුපට හෝ සේවා කොන්දේසිවලට හෝ බලපාන ඕනෑම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියකට හෝ තීරණයකට විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට හෝ ඒවා විවේචනය කිරීමට හෝ පුළුවන. එතෙකුදු වුවත්- එකී විරෝධතා හෝ විචේචනය අදාළ සංගමයේ යම්කිසි දුක්ගැන්විල්ලකට සහනය ලබාගැනීම හෝ නීත්‍යානුකූල අයිතිවාසිකම් ලබාගැනීම හෝ අරමුණු කොටගත් ඒවා විය යුතුය. එකී විරෝධතා හෝ විචේචනය හෝ මධ්‍යස්ථ වූත් ගර්හා විරහිත වූත් භාෂාවෙන් කල යුතුය. රහස්‍ය ස්වභාවයෙන් යුතු තොරතුරු කිසිවක් එයින් අනාවරණය නොවිය යුතුය. 3:3 ඕනෑම විනය ක‍්‍රියාවක් ගැන හෝ විනය ක‍්‍රියාමාර්ගයක් ගැන හෝ විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට නැතත් විවේචනය කිරීමට රජයේ නිලධරයෙකුට පුළුවන. එතෙකුදු වුවත් : එකී විරෝධතා හෝ විවේචන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකිරීමටත් ඒවා ප‍්‍රසිද්ධියට පත්විම වැළැක්වීම සදහා නිසි පියවරගැනීමටත් එම නිලධරයා වග බලාගත යුතුය. එසේම එකී විරෝධතා හෝ විවේචන ප‍්‍රකාශ කළ යුත්තේ අදාළ විනය ක‍්‍රියාවට හෝ විනය ක‍්‍රියා මර්ගයට භාජනය වී සිටින නිලධරයා විසින් හෝ එම නිලධරයා නීත්‍යානුකූල සාමාජිකයෙකුව සිටින රජයේ නිලධරයන්ගේ සංගමයක නිලතල දරන්නෙකු විසින් හෝ පමණි. 3:4 එසේ වුව ද අමාත්‍ය මණ්ඩලය විසින් පවරන ලද බලතල ක‍්‍රියාත්මක කිරීමේ දී කිසිදු විනය කරුණක් සම්බන්ධව අදාළ නිලධරයා සමග හෝ ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන සංගමයක් සමග හෝ ලිපි ගනුදෙනු කිරීමට විනය බලධරයෙකු කිසිසේත් බැදී නැත. උපුටාගැනීම අවසන් - තීන්දුව ඔස්සේ වැඩිදුරටත් කරුණු දක්වා තිබෙන ශේෂ්ඨාධිකරණ විනිසුරුවරු ”‍රාජ්‍ය නිලධාරියා ඉටු කරන්නේ අතිශය වැදගත් මෙන්ම භාරධූර කාර්යයක්. රාජ්‍ය නිලධාරින් තමන්ට පැවරී තිබෙන බලය මහජන යහපත උදෙසා පමණක් ක‍්‍රියාවේ යෙදවීමට වග බලාගත යුතුයි. වගකීමකින් තොරව හා නොසැලකිලිමත්ව ජනමාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීමට යාමෙන් මහජනතාව අපහසුතාවයට පත්වීමට ඉඩ තිබෙනවා”‍ යනුවෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ. බුවනෙක අළුවිහාරේ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව ශේෂ්ඨාධිකරණය විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය. මේ අතර, 2022 සැප්තැම්බර් මස 26 වන දින රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබිණි. ආයතන සංග‍්‍රහයේ දෙවැනි කාණ්ඩයේ ඞඛඪෂෂ වැනි පරිච්ෙඡ්දය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බව අදාල චක‍්‍රලේඛයේ දැක්වේ. තවද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක‍්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීමද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාල චක‍්‍රලේඛයේ සඳහන් ව ඇත. කොහොම නමුත් රාජ්‍ය නිලධාරියකු සතු වගකීම සහ වගවීම ගැන යළි අවධාරණය කරන මෙම නඩු තීන්දුව මේ මොහොතේ වැදගත්ය. පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් පදනමක් නැති තොරතුරු බෙදාහැරීම බහුල වශයෙන් සිදුවිය. මේ නිසා ජනතාව නොමගයෑම සහ රජය අපහසුතාවයට පත්වීම සිදු විය. ව්‍යාජ තොරතුරුවලින් ප‍්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිරී පැවැතීම රටේ ප‍්‍රශ්න අවුල් වියවුල් කරමින් සංවර්ධන ගමනට කෙරෙන බරපතල බාධාවක්ද වී තිබිණි. – අසන්ත අතපත්තු –

Monday, June 12, 2023

ගිවිසුම් ගත කිසිදු සමාගමක් රටින් පිටවෙලා නැහැ

01.  මොකද්ද මේ ගාමන්ට් වැහෙනවාආයෝජකයෝ රට දාලා යනව කියලා යන කතාව?


සමාජ මාධ්‍යවල සහ අනෙකුත් මාධ්‍යවල නම් එහෙම කතාවක් ඇහුනා, ඒක ඒ මෙහොතත් සමග සාකච්ඡාවට බදුන් වූ තත්ත්වයක ප්‍රථිපලයක් මිස ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගත වූ කිසිදු සමාගමක් ඔවුන්ගේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයම රටින් ඉවත් කර ගැනීමට කටයුතු කරලා නැහැ. එවැනි දැනුවත් කිරීමක් ආයෝජන මණ්ඩලයට සිදුකරලත් නැහැ. 


ඒ නිසා සමහර මාධ්‍යයන්වල සදහන් වන විදිහට විශාල ව්‍යසනයක පෙර නිමිති දකින්නට නැහැ. ශ්‍රි ලංකා අයෝජන මණ්ඩලය වශයෙන් අපි ස්වකීය ආයෝජකයින් සමග එක්ව ව්‍යාපෘති සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා.


නමුත් සමහර අවස්ථාවල ලෝකයේ පවතින ඇතැම් තත්ත්වයන් අනුව සමාගම් ක්‍රියාත්මක වන සංයුතිය වෙනස් කිරීමට හෝ නව ක්‍රියාමාර්ග තුළින් සමාගම්වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට එම සමාගම් කටයුතු කරනවා. වර්තමානයේ ගෝලීය පවශයෙන් පවත්නා ආර්ථික අර්බුධය හමුවේ සුළු සමාගම් කිහිපයක් තාවකාලිකව ඔවුන්ට පවත්නා ඇණවුම් ලැබීමේ අඩුවක් නිසා ව්‍යාපෘති පවත්වාගෙන යාමේ ව්‍යූහය වෙනස් කරනවා. තාවකාලිකව සිදුකරන එවැනි වෙනස් කිරීම් ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් සාමාන්‍යය තත්ත්වයක්.


කොහොම උනත් දේශිය - විදේශිය සමග ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව අපි නිරන්තරයෙන්ම ඒ සමාගම් සමග සියලූ ක්‍රියාකාරකම්වල දී සක්‍රීය දායකත්වයක් ලබාදෙමින්, අධීක්ෂණය කරමින්, ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට උදව් කරනවා. 


02.  විපක්ෂයේ සමහරු කියන්නේ ජනපති සිදු කළ ප්‍රකාශයක් නිසා මෙහෙම වෙනව කියලා?

 

විපක්ෂය කියන ලද දේ පිළිබඳව නම් මට පැහැදිලි අදහසක් නැහැ. වර්තමානයේ මම ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ලෙසත් කටයුතු කරනවාඑතුමා ර්ථිකය හසුරවන ආකාරය හා  සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග හා එතුමාගේ ආර්ථික දැක්ම පිළිබදව මනා අවබෝධයක් මට තියෙනවා. මේ වනවිට විපක්ෂයේ මංත්‍රීවරුන්ගෙන් පවා අසන්නට ලැබෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩ පිළිවල සාර්ථකයි කියලා.

 

ජනාධිපතිතුමා කිසි විටකත් ආයෝජකයන් අපහසුවට පත්වන ප්‍රකාශ සිදු කර නැහැහැව්ලොක් සිටිමිරේකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදී එතුමා පැහැදිලිව කියා සිටියා ශ්‍රි ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය  ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව.

 

රටේ ආර්ථික උන්නතියට වඩා වැදගත් වන්නේ විදේශ ණය නොවන බවත්විදේශ ආයෝජන වඩා වැදගත් බවත් එතුමා ප්‍රකාශ කළාමහ කොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබූ නීති පද්ධතිය නැවත සක්‍රීය කර, වඩාත් ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා  අවස්ථාවේ  පැවසුවාජනාධිපතිවරයා සැමවිටම අප උපදෙස් ලබා දෙන්නේ විදේශ ආයෝජකයකු පැමිණි සැනින් ඔහුට අපහසුවෙන් තොරව කඩිනමින් තම ව්‍යපෘති ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසයි.

 

 

03.  විදෙස් ආයෝජකයන් ආකර්ශනය කරගන්න වැඩපිළිවෙලක් හදන්න තව කොච්චර කල් යයිද ?

 

දැනටමත් මේ සඳහා කෙටිකාලීන හා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් හදුනාගෙන ක්‍රියාත්මක වෙමින් තියෙනවාආයෝජකයන් ආකර්ශණය කර ගැනීමටත් ආයෝජකයින්ගේ පහසුවටත්  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව පියවර කිහිපයක් ඉදිරියට තබා තිබෙනවාආයෝජක පහසුකම් මධ්‍යස්ථානය (IFC) පිහිටුවීමතොරතුරු තාක්ෂණ සේවා සමාගම් 100 ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමදැනට පවතින BOI සමාගම් 50ක් නැවත ආයෝජනය කිරීමට දිරිගැන්වීම මින් කිහිපයක්.

 

එසේම ඔබ දන්නවා ආයෝජන ප්‍රවර්ධනය සඳහා තරගකාරී රටවල් බදු සහන බහුලව භාවිතා කරනවාවිශේෂයෙන් මූල්‍ය දිරිගැන්වීම් ලබා දී ඇති කලාපයේ රටවල් කිහිපයක් ඉහළ ආයෝජන ආකර්ශණය කර ගැනීමට මේ වන විටත් සමත් වී තිබෙනවාමෙම රටවල් තෝරාගත් අංශ සඳහා විවිධ බදු සහ ලබා දෙනවා. නමුත් අපේ රටේ පවති මූල්‍ය තත්ත්වය මත අපට විශාල බදු සහන වැනි ආකර්ශණයන්ට යා නොහැකියිපවතින රාමුව තුල උපරිම දේ කිරීමට අපට සිදු වී තිබෙනවා.

 

 අනුව හඳුනාගත් අංශ සඳහා උපදේශක සභා පිහිටුවීමප්‍රධාන ආයෝජක සේවා ඩිජිටල්කරණයජාත්‍යන්තර හරිත ප්‍රමිතීන් සපුරාලීම සඳහා පවතින කලාප නවීකරණය කිරීමවුල්කාරීත්ව සොයා ගැනීමේ දත්ත බඩාව හඳුන්වාදීම (Partnership Finder), පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් මේ වනවිටත් සිදුකර තිබෙනවා.

 

ස්ථාවර ආයෝජන ප්‍රතිපත්තියක් සහ ඒකාබද්ධ ආයෝජන නීතියක් ක්‍රියාත්මක වීමආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රබල සාධකයන් බව අප හඳුනාගෙන තිබෙනවාඑවැනි දෙයක් ඇති කර ගැනී සම්බන්ධයෙන් අප ක්‍රියා කරමින් ඉන්නවාලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආ‍යතනවල උපදේශකත්වය යටතේ  සඳහා කටයුතු දැනටමත් කෙරෙමින් පවතිනවා.

 

 

04.  ආයෝජකයන් එන්න අදිමදි කරන හේතු හඳුනා ගෙන තියෙනවද?

 

       ඕනෑම රටකට ආයෝජකයන් එන විට රටතුල දේශපාලනික ආර්ථික ස්ථාවරත්වය පිළිබදව සොයා බලනවා. පසුගිය වසර දෙක පුරාම රටතුල අස්ථාවරභාවයන් පැවතියද, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ නව විස්තීරණ ණය යෝජනාක්‍රමය ලැබීමත් සමඟම, ශ්රී ලංකාව ආර්ථික ස්ථායිකරණ වැඩපිලිවෙලක යොමු වී ඇති බව ස්ථිර කරනු ලැබුවා.  එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ශ්රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් පිලිගත් දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වයක් ක්‍රමානූකූලව ලැබෙමින් පවතිනවා. එම නිසා ශ්රී ලංකාව පිළිබද ජාත්‍යන්තර ප්‍රතිරූපය සුභවාදී ලෙස වර්ධනය වෙමින් පවතින අතර ජාත්‍යන්තර වෙළද සන්නාම හා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙනුත් ශ්රී ලංකාවේ ආයෝජනයන් පිළිබද සොයා බැලීමේ නව ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.

 

 

05.  ගෝලීය ආර්ථික අවපාතය ලංකාවේ අපනයනය සම්බන්ධයෙන් ඇති කරල තියෙන බලපෑම මොකද්ද?

 

       ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මෙය සමස්ථ ලෝකය පුරාම ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇති වු තත්ත්වයක්. පශ්චාත් කෝවිඩ් තත්ත්වය, යුක්‍රේන රුසියා යුද්ධය, බටහිර රටවල්වල පෙර නොවු විරූ උද්ධමනය (යුරෝපයේ එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය යන රටවල්වල රෙදිපිළි ආහාර ගෘහභාණ්ඩ ආදි අංශවල 40% ක ඉහල උද්ධමනයක් පවතිනවා) වැනි තත්ත්වයන් හේතුකොටගෙන විරැකියාව ඉහල අගයක් ගන්නා අතර භාණ්ඩ හා සේවා සදහා විශාල වශයෙන් ඉල්ලුම අඩුවීමක් දක්නට ලැබෙනවා. නිදසුනක් වශයෙන් ශ්රී ලංකා ඇඟලුම් සදහා  එක්සත් ජනපදය, එක්සත් රාජධානිය යන රටවලින් 2023 වර්ෂයේ  ප්‍රථම කාර්තුවේ ඉල්ලුම 18% කින් අඩු වී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගෝලීය ආර්ථික අවපාතය ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය කෙරෙහි යම් බලපෑමක් ඇති කල හැකියි.