Tuesday, June 17, 2025

කලාපීය යුද්ධයකට අත වනන ඊශ්‍රායල - ඉරාන යුද්ධය

හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල (Hormuz) ඕමාන් බොක්කෙහි තෙල් ප්‍රවාහන නැව් 03 ක් මේ වන විට ගිනි ගනිමින් තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් පිහිටි ෆුජයිරා අසල ඛෝර් ෆක්කන් නැංගුරම් පොළේදී ටැංකි තුන ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැනට ගිනිගෙන ඇති යාත්‍රාවලින් එකක් ADALYNN විය හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. (ADALYNN යනු බොරතෙල් ටැංකියකි) මේ ප්‍රහාරය ඊශ්‍රායලය හෝ ඉරානය යන පාර්ශව දෙකෙන් කවුරු එල්ල කරාද යන්න තවමත් නිශ්චිතව පැහැදිලි නැහැ. මෙම සිද්ධියත් සමඟ කලාපීය යුද්ධයක් බවට මෙය පත්වීමේ අවදානම වැඩි වී ඇති බවයි විචාරකයන් පවසන්නේ. 🇨🇳ඒ වගේම චීනය මේ වෙද්දි සියලු සිය පුරවැසියන්ට ඊශ්‍රායලයෙන් පිට වෙන්න නියෝග නිකුත් කරලා. 🇺🇸 එසේම මේ වර්ධනය වෙන තත්ත්වය සමග G7 සමුළුවට සභභාගි වෙමින් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ යලි ඇමරිකාව බලා පිටවී ගොස් තිබෙනවා. තමන් ඇමරිකාවට පය තැබූ මොහොතේම ජාතික ආරක්ෂක කවුන්සිලයට සූදානමින් සිටින ලෙස මේ වෙද්දි ට්‍රම්ප් උපදෙස් දීලා. https://www.forexlive.com/.../more-details-coming-in-on.../

No comments:

Post a Comment